ලක්ෂ 70ක කුඩු ගෙනා පකිස්ථාන ජාතිකයා මාට්ටු

ලක්ෂ 70ක කුඩු ගෙනා පකිස්ථාන ජාතිකයා මාට්ටු

April 25, 2017   07:53 am


ලක්ෂ 70ට අධික වටිනාකමකින් යුතු හෙරොයින් වර්ගයේ මත්කුඩු ග්‍රෑම් 708ක් සමග පකිස්ථාන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඩුබායි සිට පැමිණ අද (25) අලුයම 12.45 ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ගොඩබැස්ස අවස්ථාවේදී කටුනායක පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත.

හතළිස් හැවිරිදි මෙම පකිස්ථානු ජාතිකයා එරට කුලී රථ රියදුරෙකු ලෙස සේවය කරමින් සිටි අයෙකු බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැකකරුගේ යට ඇඳුමේ සඟවා තිබියදී මෙම මත් කුඩු තොගය සොයාගෙන ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් වැඩිදුුර විමර්ශන සිදුකරයි.