බස් රථයට ගල් ගැසූ තිදෙනෙක් සොයයි
April 25, 2017 07:45 am
හලාවත - බංගදෙණිය ප්රදේශයේදී බස් රථයකට ගල් ප්රහාරයක් එල්ල කළ බව කියන තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි.
අද (25) අලුයම 1.00 ට පමණ මෙම ගල් ප්රහාරය එල්ල වී ඇති බව අප වාර්තාකරු පවසයි.
ගල් ප්රහාරයට ලක්ව ඇත්තේ තලෛයි මන්නාරම සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයකි.
ගල් ප්රහාරයෙන් එම බස් රථයේ කොන්දොස්තරවරයා ලෙස සේවය කරන අජුවාන් ඛාන් යන අය තුවාල ලබා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු මන්නාරම - සිලාවතුර පදිංචිකරුවෙකි.
මාර්ගය අයිනේ සිටි තිදෙනෙකු ගල් ප්රහාරය එල්ල කර පලා ගිය බව බස් රථයේ රියදුරු ලෙස කටයුතු කරන මුරුගාන්ධි මුගුන්ධරාජා යන අය හලාවත පොලීසියට පැමිණිලි කරමින් සඳහන් කර ඇත.
හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.