පුංචි ඡන්දයට අදාළව කැබිනට් පත්‍රිකාවක් එයි
April 25, 2017 07:40 am
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ කැබිනට් පත්‍රිකාවක් අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්ය.
ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම පිළිබඳව මෙම කැබිනට් පත්‍රිකාව යොමුකිරීමෙන් අනතුරුව සැලසුම් කිරීමට තීරණය කර ඇති බව ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය මනෝගනේෂන් මහතා සඳහන් කළේය.