Back to Top

   කැස්බෑ මස් සමඟ 6ක් දැලේ

කැස්බෑ මස් සමඟ 6ක් දැලේ

April 21, 2017  03:08 pm

Bookmark and Share


වියළි කැස්බෑ මස් තොගයක් සමඟ ධීවරයින් 06 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නැගෙනහිර නාවික විධානයට අයත් වෙරළාරක්ෂක නාවිකයින් පිරිසක් විසින් කොඩ්ඩියාර් ධීවර වරායේදී අදාළ ධීවරයින්  අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

වරායේ නැංගුරම් ලා තිබූ බහුදින ධීවර යාත්‍රාවක තිබී වියළි කැස්බෑ මස් කිලෝග්‍රෑම් 13යි ග්‍රෑම් 200ක ප්‍රමාණයක් එහිදී සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත බාරදුන් බව නාවික හමුදාව පැවසුවේය.


MOST VIEWED VIDEO STORIES