කරදියානේ උද්ඝෝෂණයට වාරණ නියෝගයක්

කරදියානේ උද්ඝෝෂණයට වාරණ නියෝගයක්

April 21, 2017   03:03 pm




පිළියන්දල, කරදියාන කසළ අංගනය අසළ හෙට(22)  පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය වලක්වාලමින් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

පිළියන්දල පොලීසිය සිදු කරන ලද කරුණු දැක්වීමක් සැලකිල්ලට ගෙන අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්ය.

කොළඹ එක්රැස්වන කැළිකසළ පිළියන්දල, කරදියාන කසළ අංගනයට බැහැර කිරීමට විරෝධය පළ කරමින් අදාළ උද්ඝෝෂණය හෙට දිනයේ  පැවැත්වීමට සංවිධානය කර තිබුණි.