දෙතැනක බිළිඳු මරණ 2ක්

දෙතැනක බිළිඳු මරණ 2ක්

April 21, 2017   01:46 pm


කුඩා දරුවන් දෙදෙනෙකු අවාසනාවත් ලෙස මියයාමේ සිද්ධින් දෙකක් මාතර ගන්දර සහ තල්අරඹ යන ප්‍රදේශවලින් වාර්තාවේ.

දින 14ක් වයසැති බිළිඳෙකු සහ දින 40ක් වයසැති බිළිඳියක් මෙලෙස මියගොස් තිබේ.

ගන්දර ප්‍රදේශයේ දින 14ක් වයසැති බිළිදා නිදා සිටි කොට්ටයට නාසයට තඳවිම හේතුවෙන් ස්වසන අපහසුතාවයට ලක්ව මියගොස් ඇති බව වාර්තාවේ.

මව් කිරි ලබාදීමෙන් අනතුරුව බිළිදා මුණින් අතට හරවා තිබියදී කොට්ටයට නාසය සිරවීමෙන් ස්වසන අපහසුතාවයට ලක්වී බිළිඳා මියගොස් ඇති  බව සඳහන්වේ.

මාතර තල්අරඹ ප්‍රදේශයේ දින 40ක බිළිදිය මියගොස් ඇත්තේ මව් කිරි සිරවීම හේතුවෙනි.

කුඩා දරුවන්  මෙවැනි අවසනාවන්ත සිදුවිම්වලට ලක්ව මියයාමේ සිදු වීම් කිහිපයක් පසුගිය දිනවල වාර්තා විය.

අවතැන් ජනයාට මාසික දීමනාවක්-නිවාස ලබාදීම අදයි

මේ අතර අවතැන් වූ පිරිස් අතරින් සම්පූර්ණයෙන් නිවාස හානි වූවන්ට නිවාස 98ක් ලබා දීම අද(21) දිනයේ සිදුකරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.