නිලූකා එනතෙක් ජයසිංහ වැඩ බලයි

නිලූකා එනතෙක් ජයසිංහ වැඩ බලයි

April 21, 2017   01:28 pm





මධ්‍යම පළාත් වැඩබලන ආණ්ඩුකාරවරයා ලෙස ඌව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ එම්.පී. ජයසිංහ මහතා පත් කර තිබේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය කටාර් රාජයේ නිල සංචාරයක නිරතව සිටින බැවින් එම පත් කිරීම සිදු කර ඇති බව සඳහන්ය.

නිලූකා ඒකනායක මහත්මිය ලබන 24 වනදා දක්වා කටාර් රාජ්‍යයේ රැදී සිටීමට නියමිතය.

එම කාලය තුළ මධ්‍යම පළාත් ආණ්ඩුකාරධූරයේ වැඩ බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් අධිනීතිඥ එම්.පී. ජයසිංහ මහතා පත් කර තිබේ.