දඩයමේ ගිය 4ට වැඩ වරදී

දඩයමේ ගිය 4ට වැඩ වරදී

April 21, 2017   01:22 pm




සතුන්  දඩයම් කිරීම සඳහා  හගුරන්කෙත, ලුල්කදුර ඉහළ කොමග රක්ෂිතයට ඇතුළු වූ පුද්ගලයින් සිව් දෙනෙකු  අත්අඩංගුවට ගෙන තිබේ.

හගුරන්කෙත පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී බෝර 12වර්ගයේ  ගිනි අවියක් සහ එම පතුරොම් 12ක් ද පොලිස් බාරයට ගෙන ඇති බව සඳහන්ය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙල්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් පිරිසක් බව පොලීසිය පැවසුවේය.

සැකකරුවන් වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 50,000 බැඟින් වූ ශරීර ඇප මත මුදාහැර තිබේ.