ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගැන විශේෂ සාකච්ඡාවක්

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගැන විශේෂ සාකච්ඡාවක්

April 21, 2017   01:02 pm



ඉන්දීය තෙල් සමාගමට ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ලබාදීමට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට(22) පැවැත්වීමට නියමිත බව ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.

එහි කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේ අදාළ ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබාදීමට අමාත්‍යවරයා එකඟතාව පළ කළ බවයි.

කෙසේ වෙතත් ඊයේ(20) දිනයේ එවැනි සාකච්ඡාවක් ලබාදීමට නොහැකි බව දන්වා අමාත්‍යවරයා ලිපියක් යොමු කිරීම හේතුවෙන් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදු වන බව ඩී.ජේ. රාජකරුණා මහතා කියා සිටියේය.