මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණූ සටහනේ පෙරමුණට
April 21, 2017 12:59 pm
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ලකුණූ සටහනේ යළි පෙරමුණට පත්ව සිටියි.
ඊයේ(20) කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම සමඟ පැවැති තරඟයේදී ලැබූ විශිෂ්ඨ ජයත් සමඟ මුබ්බායි කණ්ඩායම මුහුණ දුන් තරඟ 06න් පහක්ම ජයගැනීමට සමත්ව තිබේ.
කොල්කටා නයිට්රයිඩස් කණ්ඩායම තරඟ 05කට මුහුණ දී ඉන් තරඟ 04ක් ජයගෙන දෙවන ස්ථානයේ පසුවන අතර ඔවුන් අද(21) ගුජරාට් ලයන්ස් කණ්ඩායම සමඟ තරඟ වැදීමට නියමිතය.
ලකුණූ සටහනේ තුන්වන ස්ථානයේ පසුවන්නේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමයි.
ඔවුන් තරඟ 06කට මුහුණ දී ඉන් තරඟ 04ක් ජයගෙන තිබේ.