අනතුරින් 1ක් එලොව යයි

අනතුරින් 1ක් එලොව යයි

April 21, 2017   12:21 pm



පදියතලාව, පුළුන්ගස්මුල්ල ප්‍රදේශයේ අතුරු මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ත්‍රීරෝද රථයක් මාර්ගය හරහා පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රී රෝද රථයේ රියදුරු පදියතලාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ කෝන්ගස්පැන්විල, සේරංකඩ  ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුර සම්බන්ධයෙන් පදියතලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.