අවතැන් ජනයාට මාසික දීමනාවක්-නිවාස ලබාදීම අදයි

අවතැන් ජනයාට මාසික දීමනාවක්-නිවාස ලබාදීම අදයි

April 21, 2017   12:08 pm



මීතොටමුල්ල කසළ කන්ද ආශ්‍රිතව අවදානම් කලාපයේ නිවාස වලින් ඉවත් කරන පවුල් සඳහා මසකට රුපියල් 50,000ක බැගින් දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

අද(21)  පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යංශයේදී මීතොටමුල්ල කැළිකසළ ගැටළුව  පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත් වුණි.

 එහිදී මෙම තීරණය ගත් බව සාකච්ඡාවෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේය.

මීතොටමුල්ල කසළ කන්ද නායයාම හේතුවෙන් නිවාස අහිමි වූ ජනතාවට නිවාස ලබාදීම ද අද පස්වරුවේ සිදු කරන බව එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ වී තිබේ.

මේ අතර මීතොටමුල්ල සිදුවීමෙන් සම්පූර්ණයෙන් නිවාස හානි වූවන්ට නිවාස 98ක් ලබා දීම අද(21) දිනයේ සිදුකරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.