ජනතාව මුලාකරන දේශපාලන ව්‍යාපාරය නැවතත් ආරම්භ කරලා

ජනතාව මුලාකරන දේශපාලන ව්‍යාපාරය නැවතත් ආරම්භ කරලා

April 21, 2017   11:52 am




දේශපාලන වාසිය උදෙසා මීතොටමුල්ල කුණු කන්දේ ප‍්‍රශ්නය අතට අරගෙන මහජනතාව මුලාකරන තම සුපුරුදු දේශපාලන ව්‍යාපාරය නැවතත් ආරම්භ කර ඇති වාසුදේව නානායක්කාර මහතා දැනට අවලංගු කාසියක් බවට පත්ව ඇති මහින්ද කණ්ඩායමේ බංකොලොත්භාවය වසා ගැනිම සඳහා මීතොටමුල්ල කුණු කන්දේ ප‍්‍රශ්නය පෙරටු කර ගෙන යහපාලන රජයට එරෙහිව මඩ ප‍්‍රචාරයක් ගෙන යන බව ඉතාමත් පැහැදිලිව පෙනෙන්නට ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබුර් රහුමාන් පවසයි.

මීතොටමුල්ල කුණු කඳු ඛේදවාචකය මුල් කරගෙන තමා මන්ත‍්‍රීකමෙන් ඉල්ලා අස්විය යුතු බවට වාසුදේව කර ඇති මෙම ප‍්‍රකාශය මන්ද බුද්ධිකයෙකුගේ විගඩම් කතාවක් බවත් ප‍්‍රකාශ කළ මන්ත‍්‍රීවරයා, මීතොටමුල්ල ඛේදවාචකයට සම්පුර්ණයෙන්ම වග කිව යුත්තේ වාසුදේව මහතා ඇමතිකම් දැරු පො.ඒ.පෙරමුණේ හා මහින්ද රාජපක්ෂ මහතාගේ දසක දෙකක පාලනය බව වාසුදේවලාට අමතක වි තිබිම කණගාටුවට කරුණක් බවත්, අදාළ කුණු ප‍්‍රශ්ණයට ස්ථිරසාර විසඳුමක් නොදි කුණු කන්දට එරෙහිව සටන්කළ ජනතාව බිය වද්දමින්, බලහත්කාරයෙන්ම මීතොටමුල්ල කුණුවලින් පිරවු ගොඨාභය රාජපක්ෂලාගේ මැර බලය ගැන එදා වචනයක්වත් කතා නොකළ වාසුදේව නානයක්කාර මහතා අද යහ පාලන රජයට චෝදනා කරන අතරම මාහට මන්ත‍්‍රීකමෙන් ඉල්ලා අස්වන ලෙස ප‍්‍රකාශ කරන්නේ රෙදි ඇදගෙනද දැයි කියා තමා ප‍්‍රශ්න කරන බවත්, මෙවනවිට විශාල ජිවිත හානි ස්මඟ දේපළ හානි සිදුවි ඇති මීතොටමුල්ල ඛේදවාචකයට වග කිව යුත්තේ පසුගිය ඒ දශක දෙකක පාලන යුගයේ ප‍්‍රධානීන් හා එම පාලකයන්ගේ අතකොලූවක් ලෙස කාලය ගෙවු වාසුදේවලාම බවත් ප‍්‍රකාශ කළ මුජිබුර් රහුමාන් මන්ත‍්‍රීවරයා වසර විස්සක් රට පාලනය කළ ඒ පාලකයින්ට, අදාළ ප‍්‍රශ්නයට විසඳුමක් නොදි දිග්ගැස්සීම පිළිබඳව චෝදනා නොකර වසර දෙකක යහපාලනයට චෝදනා කිරීම කෙතරම් වැරදි ක‍්‍රියාවක්දැයි ජනතාව හෝදාකාරවම දන්නා බවත් මන්ත‍්‍රීවරයා කීයාසිටියේය.

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන කාලයේ බහුලව සිදුවු  ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහිව ක‍්‍රියාවන්, දුෂණය, භීෂණය, පැහැරගැනිම්, මිනීමැරුම් ආදී මානව දයාවට එරෙහි ක‍්‍රියාවන් අනුමත කර ගෙන මහින්ද රාජපක්ෂගේ ඔඩක්කුවේම කාලයගෙවු වාසුදේව මහතා අද උත්තම පුත‍්‍රයෙකු වෙලා, කිසිවක් නොදන්නාසේ නව රජයට චෝදනා කරන්නේ මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති පාලනය නැවත මේ රටේ බිහිකිරීමේ ආශාවෙන් බව පොදු මහජනතාව හොඳින් දන්නා බවත් ප‍්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂගේ අසාධාරණ අරාජිත ඒකාධිපති පාලනයත් සමඟ අත්වැල් බැඳගෙන ඇමතිකම් දැරු වාසුදේව මහතා අවලංගු කාසියක්වි, සායම් සේදී මහජන අප‍්‍රසාදයට පාත‍්‍රවී ඇති තත්ත්වයක් තුළ, නැවතත් ජනතාව අතරට ගොස්, නැතිවී ගිය තමගේ ව්‍යාජ සමාජවාදය නැවත ස්ථාපිත කර ගැනීමටත් මහින්ද රාජපක්ෂ පාලනය නැවත ඇති කිරීමේ අඩිතාලම දැමීමටත් යහපාලනයට එරෙහිව පුහු ගර්ජනයක් දියත් කර ඇති බවත් පැහැදිලිය.

එබැවින්, මීතොටමුල්ලේ ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු සලන වාසුදේව තමන් ඇමතිකම් දැරු පසුගිය පාලනයේ වගකිව යුතු අයගේ මුලික වරදින් සිදුවු මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් මහජනතාවගෙන් සමාව අයදිය යුතු අතර, මන්ත‍්‍රිකම්වලින් ඉල්ලා අස්විය යුත්තේ වාසුදේව මන්ත‍්‍රිවරයා සහ ඔහුගේ නායකයින් බව තේරුම් ගත යුතු බවත්, මීතොටමුල්ල කුණු කඳු ප‍්‍රශ්නය ගැන කතා කර තමා කිසිවිටකත් දේශපාලනය නොකළ බවත්, මීතොටමුල්ල ප‍්‍රශ්නය මෙතරම් දුරදිග යෑමට ඉඩනොදි වළක්වා ගැනිමට අවකාශය තිබු නමුත්, වාසුදේව ඇමතිකම් දැරු පාලකයන්ට තුළින් එය විසඳිමට අවස්ථාව තිබියදිත් ඔවුන් එය නොකළ බවත්, ජනතා ප‍්‍රශ්න වලට මුහුණදි. කඩිනමින් ඒවා විසඳිය යුතුයි යන ස්ථාවරයේ තමා නිතරම සිටින බවත්, තමා නිරන්තරයෙන් ජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් පෙනි සිටින අයෙකු වාසුදේව නානායක්කාර මහතාගේ අවස්ථාවාදි ප‍්‍රකාශවලින් තමා කිසිඳා නොසැලෙන බවත් මන්ත‍්‍රිවරයා ප‍්‍රකාශ කරයි.