ගුරු සංගමයෙන් චෝදනා

ගුරු සංගමයෙන් චෝදනා

April 21, 2017   11:32 am



අධ්‍යාපන පරිපාලන සේවයේ විභාගය සමත්වූවන්ට මේ වන තෙක් පත්වීම් ලබාදීමට පියවර ගෙන නොමැති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කළේ අදාළ විභාගයට පෙනී සිටි ගුරු සහ විදුහල්පතිවරුන් 514 දෙනෙකුට මෙතෙක් පත්වීම් ලබාදී නොමැති බවයි.

විභාගය පවත්වා මේ වන විට වසරකට අධික කාලයක් ගතවී ඇති බව  ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු රැසක් පවතින අවස්ථාවක පත්වීම් ලබා නොදීම හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටළු රැසක් මතුව ඇති බව ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කළේය.