තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරලා

තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරලා

April 21, 2017   11:19 am


කඩවත, මංකඩ පාර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

ඝාතනයට ලක්ව ඇත්තේ ඉඹුල්ගොඩ, පරකන්දෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පැවසුවේය.

ඝාතනය සිදු කළ සැකකරුද තුවාල ලබා ඇති අතර ඔහු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ මේ වන විට  රාගම රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.