හෙරොයින් ළඟ තබාගත් 2ක් අල්ලයි

හෙරොයින් ළඟ තබාගත් 2ක් අල්ලයි

April 21, 2017   11:06 am


හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු වැල්ලම්‍පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකා මූලස්ථාන කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්වේ.

එක් සැකකරුවෙකු සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 790ක් ද අනෙක් සැකකරු සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 680ක් ද සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත බාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.