ආපදා තත්ත්වයකදී මහජන සහය ලබාගැනීම අකාර්යක්ෂමවෙලා

ආපදා තත්ත්වයකදී මහජන සහය ලබාගැනීම අකාර්යක්ෂමවෙලා

April 21, 2017   09:01 am




පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින් නොමැතිවීම හේතුවෙන් ආපදා තත්ත්වයකදී මහජන සහය ලබාගැනීම අකාර්යක්ෂම වී ඇති බව මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

එම පක්ෂය ඊයේ(20) කොළඹදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී දිනේෂ් ගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

මේ අතර ඊයේ(20) කොළඹ පැවැති උත්සවයකදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේ පසුගිය රජය සමයේ සිදු වූ අත්තනෝමතික කටයුතු වලට නිහඩව සහය දුන් දේශපාලනඥයින් වත්මන් රජයට චෝදනා එල්ල කරන බවය.