මීතොටමුල්ල ගැන අදත් සාකච්ඡාවක්
April 21, 2017 08:56 am
මීතොටමුල්ල කසළ කන්ද නායයෑම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(21) දිනයේ තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.
අද(21) පෙරවරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යංශයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව ආපදා කළමනාකරණ අමාත්‍යංශය සඳහන් කළේය.
මුදල් අමාත්‍යංශය, කොළඹ නගර සභාවේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු පිරිසක් එම සාකච්ඡාවට කැඳවා තිබේ.
මීතොටමුල්ල කසළ කන්දේ කොටසක් කඩා වැටීමෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු පිළිබඳ ප්‍රගතිය මෙන්ම කොළඹ කසළ ගැටළුවට ලබාදිය හැකි විසදුම් පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට නියමිතය.