GMOA අදත් වර්ජනයක

GMOA අදත් වර්ජනයක

April 21, 2017   08:54 am



පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සියලු රෝහල්වල අද(21)  උදෑසන 08.00 සිට වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ගම්පහ ප්‍රදේශයේ සිට පොලොන්නරුව දිස්ත්‍රික්කයට හදිසියේ ස්ථානමාරු ලැබූ වෛද්‍යවරයෙකුගේ ස්ථානමාරුව අවලංගු කිරීමට ලබාදී ඇති නියෝගය පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂවරයා විසින් ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළ කිරීම වර්ජනයේ අරමුණයි.

අද උදෑසන වන විට යහපත් ප්‍රතිචාරයක් ලැබෙන්නේ නම් වර්ජනය අත්හැරීමට සූදානම් වූ බව ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරුන් දෙදෙනා ඉදිරිපත් කර ඇති යෝජනා පිළිනොගන්නා අත ඊට එරෙහි ක්‍රියාමාර්ග ගැනීම සඳහා අද සිට විවිධ වෘත්තීය සමිති සමඟ සාකච්ඡා පවත්වන බවද වෛද්‍ය  හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය.