කැළණි ගඟට 2ක් බිලි

කැළණි ගඟට 2ක් බිලි

April 21, 2017   08:43 am



කැළණි ගඟේ ගිරිදර, කපුගොඩ තොටපොළින් දියනෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිළී මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ දියේ ගිලෙමින් සිටි තරුණයින් දෙදෙනා බේරාගෙන දොම්පේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔවුන් දෙදෙනා මියගොස් ඇති බවයි.

මියගොස් ඇත්තේ හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි සහ 29 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.

පශ්චාත් මරණ පරීක්ෂණය අද(21) සිදු කිරීමට නියමිත අතර දොමේපේ පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.