තෙල් ටැංකි බදු දීම ගැන විරෝධය පළ කරනවා

තෙල් ටැංකි බදු දීම ගැන විරෝධය පළ කරනවා

April 21, 2017   07:52 am




ත්‍රීකුණාමලයේ පිහිටි තෙල් ටැංකි ඉන්දියාවට බදු දීම සම්බන්දයෙන් තමා විරෝධය පළ කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

කොළඹ ඊයේ(20) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සියළු නියෝජිතයින් සහභාගී විය යුත්තේ මහනුවර, ගැටඹේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මැයි රැළය සඳහා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ වෙනත් පක්ෂ වල මැයි රැළි සඳහා සහභාගී වන පුද්ගලයින් සම්බන්ධයෙන් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණයක් ගැනීමට බලාපාරොත්තු වන බවය.