රක්වානේ ඇති වූ ගැටුමට සම්බන්ධ 7ක් රිමාන්ඩ්

රක්වානේ ඇති වූ ගැටුමට සම්බන්ධ 7ක් රිමාන්ඩ්

April 20, 2017   04:35 pm



රක්වාන ප්‍රදේශයේ දෙපිරිසක් අතර අද (20) ඇති වූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ලබන 24 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය තීරණයකර තිබේ.

මීට කලකට පෙර ක්‍රිකට් ක්‍රීඩාවක් සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් දුරදිග යාම හේතුවෙන් මෙම ගැටුම අද(20) රක්වාන නගරය තුළ ඇති වී ඇති බව රක්වාන පොලීසිය පවසයි.

මෙම ගැටුමෙන් තුවාල ලැබූවන් තිදෙනෙකු රක්වාන රෝහල වෙත ඇතුළත්කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ රක්වාන පොලීසිය මඟින් සිදුකරයි.