දවස් 2ක් කාර්එක සිපගෙන ලාංකීය කත කාරයක් දිනලා

දවස් 2ක් කාර්එක සිපගෙන ලාංකීය කත කාරයක් දිනලා

April 20, 2017   08:57 am




අමරිකාවේ ,ඔස්ටින් ප්‍රාන්තයේ,ටෙක්සස් ප්‍රදේශයේ කිස් නම් රේඩියෝ නාලිකාවක් මඟින් සංවිධානය කර තිබූ කියා කාර් රථයක් වැඩිම වෙලාවක් සිප ගෙන සිටීමේ තරඟයක් පවත්වා ඇත.

එහිදී ලාංකික කාන්තාවක් පැය 50ක කාලයක් කියා ඔපිටිමා එල්.එක්ස් කාර් රථය  සිපගෙන සිට තරඟය ජයග්‍රහණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දිලිනි ජයසූරිය නම් ඇය වයස අවුරුදු 30 ක කාන්තාවක් වන අතර අමරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය රසායානාගාරයක සේවය කරන්නියක් වේ.ඇය පවසන පරිදි ඇගේ ස්වාමියා හා ඇය එකම මොටර් රථය බෙදාගෙන භාවිතා කළ බැවින් මෙම තරඟය සඳහා ඉදිරිපත් වූ බවය.

ඇය මෙම තරඟය ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන් සතුට ප්‍රකාශ කරන අතරම ඇයට හිමි වූ මෙම කාර් රථයේ වටිනාකම ඩොලර් 23,108 ක් වේ.

තරඟකරුවන් 6ක් මෙම තරඟය සඳහා සහභාගි වී ඇති අතර ඔවුන් සියළුදෙනාම විවිධ ත්‍යාග දිනාගෙන ඇත.