ගංජා හේනක් වටලයි

ගංජා හේනක් වටලයි

April 20, 2017   08:54 am




ගංජා හේනක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු කොස්ලන්ද, අළුත්වෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අක්කර 4ට ආසන්න ප්‍රමාණයක භූමි ප්‍රදේශයක වගා කර තිබූ අදාළ ගංජා හේන ගිනි තබා විනාශ කිරීමට කටයුතු කළ බව පොලීසිය පැවසුවේය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුවන ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

කොස්ලන්ද පොලිසීය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.