අනතුරු 2යි-මරණ 2යි

අනතුරු 2යි-මරණ 2යි

April 20, 2017   08:36 am



කල්පිටිය, කුරිඤ්ඤංපිටිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක මියගොස් තිබේ.

කැබ් රථයක් යතුරුපැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

අනතුරෙන් යතුරුපැදිකරු සහ එහි පිටුපස ගමන් ගත් කාන්තාව බරපතළ තුවාල ලබා කල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කාන්තාව මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ කුරිඤ්ඤම්පිටිය - දකුණ ප්රාදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි කාන්තාවකි.

 තුවාල ලැබූ පැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට මාරු කර යවා ඇති අතර අනතුර සම්බන්ධයෙන් කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර මස්කෙළිය, සාමිමලේ ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයකට යටවීමෙන් කාන්තාවක මියගොස් තිබේ.

සාමිමලේ නගරයේ සිට බස් රථයකින් පැමිණ ඇති අදාළ කාන්තාව බස් රථයෙන් බැස මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී ඊට යටවී ඇති බව සඳහන්ය.

 මියගොස් ඇත්තේ 60 හැවිරිදි කාන්තාවකි.

අනතුරට සම්බන්ධ බස් රථ රියදුරු මස්කෙළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.