අනතුරින් 1ක් මිය යයි

අනතුරින් 1ක් මිය යයි

April 19, 2017   04:52 pm


අම්පාර, බිබිල මාර්ගයේ ඉඟිනියාගල ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අම්පාර දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සදහන් කළේය.

අනතුරින් කාන්තාවක් ඇතුළු  පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා අම්පාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉන් එක් අයෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ වාවින්න, පරගහකැලේ ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි අයෙකි.

අනතුර සම්බන්ධයෙන් ඉඟිනියාගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.