විදුලිබල පාරිභෝගික ආරක්ෂාව තහවුරු කරන්න නව රීති මාලා 11ක්
March 28, 2017 04:44 pm
විදුලිබල පාරිභෝගික ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා නව රීති මාලා 11ක් හඳුන්වා දෙන බව මහජන උපයෝගීතා කොමිසන් සභාව පවසයි.
බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති 2017 පාරිභෝගික කතිකාව සඳහා එක් වෙමින් මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපති සාලිය මැතිව් මහතා මේ බව ප්‍රකාශ කළේය.
විදුලිබල සේවාවේ ගුණාත්මක තත්ත්වයට ඉහළ නැංවීම සහ පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂාවට ගතයුතු නව නියාමන රීති සහ පටිපාටි සම්බන්ධයෙන් එහි දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ගැනුණි.
මෙවැනි කතිකාවත් හරහා ඉදිරිපත් කෙරෙන අදහස් හා යෝජනාවලට කොමිසන් සභාවේ තීරණ ගැනීමේදී ප්‍රමුඛතාව ලබා දෙන බව සාලිය මැතිව් මහතා සඳහන් කළේය.
මෙවර කතිකාවේදී ඛනිජ තෙල් හා ජල සේවා කර්මාන්තවල පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂාව සඳහා විධිමත් වැඩපිළිවෙලක අවශ්‍යතා පිළිබඳවද අවධානය යොමු කර තිබේ.