සදාචාරය රකින්න බැරිනම් බිග්මැච් තහනම් කළ යුතුයි

සදාචාරය රකින්න බැරිනම් බිග්මැච් තහනම් කළ යුතුයි

March 28, 2017   04:40 pm

සදාචාරය රැකෙන ලෙස පාසල් අතර සිසු තරඟ පැවැත්වීමට නොහැකි නම් වහාම බිග්මැච් තහනම් කළ යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.

ජාතික විද්වත් සංඝ සභාව විසින් ධර්ම විජය පදනම් ශාලාවේ පැවැත් වු මාධ්‍ය හමුවට එක් වෙමින් සේභිත හිමියන් මේ බව කියා සිටියේ ය.

බිග්මැච් පවත්වන ආකාරයෙන් එයට සහභාගී වන ශිෂ්‍යයන් අතර ඇති අවිචාරමත් හැසිරීම නිරූපණය වන බවත් උද්ඝෝෂණ සඳහා ඉදිරිපත් වන භික්ෂූන් වහන්සේලාට සහ විශ්වවිද්‍යාල සිසුන්ට විරුද්ධව කටයුතු කරන පොලීසිය බිල්මැච් සම්බන්ධවයෙන් කලහකාරී ලෙස හැසිරෙන සිසුන් පිළිබඳ නීතිය ක්‍රියා නොකිරීම පිළිබඳ සැක මතු වන බව ද පවසා සිටියේ ය.

දේශපාලඥයින්ගේ හා පොලීස් නිලධාරීන්ගේ දරුවන් මෙවැනි ක්‍රියාවන්ට යොමුව ඇති නිසා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට පොලීසිය මැලිකමක් දක්වන බව ද සෝභිත හිමියන් පැවසීය. 

මෙම මාධ්‍ය හමුව සඳහා පූජ්‍ය කොටපොළ අමරකීර්ති හා හැඬිගල්ලේ විමලසාර යන හිමිවරුන් ද සහභාගී වී සිටියේ ය.