2016 උසස් පෙළ හා  ශිෂ්‍යත්ව විභාගයේ හපනුන් අගයයි

2016 උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයේ හපනුන් අගයයි

March 28, 2017   04:29 pm



2016 උසස් පෙළ විභාගයෙන් සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ටතා දැක්වූ සිසුන් ඇගයීමට ලක්කරමින්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම සිසුන් හට තිළිණ ප්‍රදානයක් සිදුකර තිබේ.

ජනාධිපති කාර්යාලයේ දී එම තිළිණ ප්‍රදානය සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඒ අනුව පසුගිය වසරේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විෂය ධාරා 7ක් යටතේ මුල් ස්ථාන 5 අතරට පැමිණි සිසු සිසුවියන් 35 දෙනෙකු සහ ශිෂ්‍යත්ව විභාගයෙන් සමස්ත දිවයිනෙන්ම ඉහළ ලකුණු ලැබූ සිසුන් 12 දෙනකු මෙහිදී ඇගයීමට ලක්විය.

එමෙන්ම එම සිසුන් හට මුදලින් ත්‍යාග සහ ලැප්ටොප් පරිගණක ප්‍රදානයක්ද ජනාධිපතිවරයා අතින් සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.