ඩොලරය බේරා ගැනීමට ආණ්ඩුව අ.ඩො.මිලියන 4300 ක් පුච්චයි

ඩොලරය බේරා ගැනීමට ආණ්ඩුව අ.ඩො.මිලියන 4300 ක් පුච්චයි

March 28, 2017   01:49 pm

වත්මන් ආණ්ඩුව බලයට පත්වී මේ වන තෙක් රුපියල අව ප්‍රමාණය වීම වළක්වා ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 4300 ක මුදලක් නාස්තිකාර ලෙස පුච්චා දමා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 

අද (28) පැවති ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ය. 

වත්මන් ආණ්ඩුව බලයට පත් වු විගස මුදල් අමාත්‍යවරයා විසින් සතියක් තුළ ඩොලරය රුපියල් 130 ක් බවට පත් කර පවත්වා ගෙන යන බවට ප්‍රකාශ කර සිටිය ද අද වන විට එය රුපියල් 154 ක් දක්වා ඉහළ නැඟ ඇති බවත් එම ප්‍රකාශය සනාථ කිරීම සඳහා මහ බැංකුව විසින් ජාත්‍යන්තර සංචිතය පාවිච්චි කරමින් එහි ඇති මුදල් වෙළඳ පොළට මුදා හැර ඇති බවත් බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කෙසේ වෙතත් මේ වන විට හම්බන්තොට වරාය රුපියල් බිලියන 165 ක් සොයා ගැනීම වෙනුවෙන් රජය විකිණීමට සුදානම් වුවද පුච්චා දමා ඇති මුදල් තබා ගත්තේ නම් මෙවන් ඛේදවාචකයක් අත් නොවන බව ද මන්ත්‍රීවරයා කියා සිටියේ ය.