රිය අනතුරින් 1ක් එලොව යයි

රිය අනතුරින් 1ක් එලොව යයි

March 28, 2017   01:41 pm


බියගම ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

 යතුරුපැදියක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේය.

 අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු බියගම රෝහලට ඇතුළත් කිරීමේ දී පැදිකරු මියගොස් තිබේ.

 මියගොස් ඇත්තේ හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු වන අතර අනතුර සම්බන්ධයෙන් කන්ටේනර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.