හෙරොයින් ළඟ තබාගත් 1ක් මාට්ටු

හෙරොයින් ළඟ තබාගත් 1ක් මාට්ටු

March 28, 2017   01:32 pm



හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු බත්තරමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්වේ.

එහිදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 30ක් පොලීසිය බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.