කොළොම්බියාවේ ශ්‍රී ලංකා කොන්සල්වරයා පත්කරයි

කොළොම්බියාවේ ශ්‍රී ලංකා කොන්සල්වරයා පත්කරයි

March 28, 2017   11:33 am



කොළොම්බියාවේ ශ්‍රී ලංකා කොන්සල්වරයා ලෙස චමින්ද්‍ර ගමගේ මහතා පත් කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් එම පත්වීම ලබා දී ඇති බව මෙරට කෙලොම්බියානු කොන්සල් කාර්යාලය සඳහන් කළේය.

මේ අතර  කෙලොම්බියාව සහ ශ්‍රී  ලංකාව අතර මිත්‍රත්වය වැඩි දියුණු කිරීමේ අරමුණින් නව කොන්සල්වරයා විසින් හෙට(29) කොළඹ දී  කොලොම්බියානු ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇති බව සඳහන්වේ.

මෙම අවස්ථාවට කොලොම්බියානු විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරියද සහභාගී වීමට නියමිත බව කොන්සල් කාර්යාලය සඳහන් කළේය.