අපනයනය සඳහා මත්ස්‍ය පිරිසැකසුම් කර්මාන්තශාලාවක්

අපනයනය සඳහා මත්ස්‍ය පිරිසැකසුම් කර්මාන්තශාලාවක්

March 28, 2017   11:14 am



අපනයනය සඳහා මත්ස්‍ය පිරිසැකසුම් කර්මාන්තශාලාවක් ලංකා ධීවර සංස්ථාව යටතේ ඉඳිකිරීමට තීරණය කර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ යෝජනාවකට අනුව මට්ටක්කුලිය ලංකා ධීවර සංස්ථා පරිශ්‍රයේ එම කර්මාන්තශාලාව ඉඳි කිරීමට සැලසුම් කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ සඳහා වැයවන මුදල රුපියල් මිලියන 75 ක් වන අතර එම මුදල් රාජ්‍ය භාණ්ඩාගාරය මඟින් ලබා දීමට එකඟතාව පළ කර ඇති බව සඳහන්වේ.