අනතුරින් කතක් එලොව යයි

අනතුරින් කතක් එලොව යයි

March 28, 2017   10:17 am


හලාවත - කුරුණෑගල මාර්ගයේ පුලියන්කඩවර ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ලොරි රථයක් හා පාපැදියක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරෙන් බරපතල තුවාල ලැබු පාපැදිකරු හලාවත රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ මුගුණුවටවන ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි කාන්තාවකි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.