කළුතර සිදුවීමේ කමිටු වාර්තාව සැකසීම අරඹයි

කළුතර සිදුවීමේ කමිටු වාර්තාව සැකසීම අරඹයි

March 28, 2017   07:51 am



කළුතර ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත් කළ කමිටුව සිය වාර්තාව  සකස් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ

එම කමිටුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සිදුකර ඇති විමර්ශනවලට අනුව වාර්තාව සකස් කිරීම  ආරම්භ කර ඇති බවය.

 පසුගිය පෙබරවාරි මස 27 වන දින පෙරවරුවේ එල්ල වු මෙම වෙඩි ප්‍රහාරයෙන් අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන සමයං ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු මියගියේය.

අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරීමට පුනරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිංස්කරණ අමාත්‍යාංශය විසින් රූමි මර්ෂුක් මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය.

එම කමිටුව විසින් මේ වන විට  පුද්ගලයින් විසි දෙනෙකුගෙන් පමණ සාක්ෂි සටහන් කරගෙන ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ මුලික විමර්ශනවලට අනුව එහි වාර්තාව සකස් කොට ලබන මාසය තුළ එය බන්ධනාගාර අමාත්‍යවරයා වෙත ලබාදීමට සැලසුම් කර තිබේ.