මැතිවරණ කල් දැමීමට සූදානම් නෑ

මැතිවරණ කල් දැමීමට සූදානම් නෑ

March 28, 2017   07:44 am



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

 ජනාධිපති නිල නිවසේදී ඊයේ(27) රාත්‍රී මෙම සාකච්ඡාව පැවති බව වාර්තා වෙයි.

 වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

 ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වු බව වාර්තා වේ.

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස කිසිවිටකත් මැතිවරණ කල් දැමීමට සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම සාකච්ඡාවේ ප්‍රකාශ කර තිබේ.