බැඳුම්කර වෙන්දේසිය ගැන තොරතුරු  සන්නිවේදනයවෙලා

බැඳුම්කර වෙන්දේසිය ගැන තොරතුරු සන්නිවේදනයවෙලා

March 27, 2017   10:52 pm



ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් ඇතැම් තොරතුරු රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කාර්යාලයේ නිලධාරින් විසින් ප්‍රථමික වෙළෙඳුන් වෙත සන්නිවේදනය වී ඇති බවට තමා වෙත තොරතුරු ලැබුණ බව මහ බැංකු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබේ.

අද(27) සාක්ෂි ලබා දෙමින් ඔහු ප්‍රකාශ කළේ අදාළ කාලය තුළ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කටයුතු තම පාලනයෙන් බැහැරව පැවැති බවය.

ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගත්තේ මන්දැයි කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබා දුන් සමරසිරි මහතා එවැනි පියවරක් ගත්තේනම් තමා නිලධාරින්ගේ විරෝධයට ලක්වීමට ඉඩ තිබූ බව පවසයි.

එමෙන්ම තමාට ධුරයෙන් විශ්‍රාම ගැනීමට ද සිදුව තිබූ බව නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරයා කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබේ.