දේශපාලන පක්ෂ අතර අර්බුදයක් ආවොත් ජනපති පාර්ශවයට සහය වෙනවා

දේශපාලන පක්ෂ අතර අර්බුදයක් ආවොත් ජනපති පාර්ශවයට සහය වෙනවා

March 27, 2017   10:34 pm



වත්මන් ආණ්ඩුව තුළ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර අර්බුධයක් මතු වුවහොත් තම කණ්ඩායමේ සහය ජනාධිපතිවරයාගේ පාර්ශවයට ලබා දෙන බව ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණේ ප්‍රධාන  ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

සමාජවාදී ජනතා පෙරමුණ අද(27) සංවිධානය කළ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම සමඟ එක්වීමෙන් නැවතත් වරදක් සිදු කර නොගන්නා බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජි.එල් පිරිස් මහතා රඹුක්කන ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී ප්‍රකාශ කළේය.