පාසල් සිසුන්ගේ විනය ගැන සතුටුවිය නොහැකියි

පාසල් සිසුන්ගේ විනය ගැන සතුටුවිය නොහැකියි

March 27, 2017   10:24 pm



මෙරට පාසල් දරුවන්ගේ විනය පිළිබඳ සතුටුවිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පසුගිය දින කිහිපයේදී ඇති වූ සිද්ධින් මඟින් දරුවන්ගේ විනය පිළිබඳ වැඩිහිටියන්ගේ අවධානය යොමු කිරීමේ වැදගත්කම පැහැදිලි වූ බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

රත්නපුර, ෆර්ගසන් උසස් විද්‍යාලයට වසර 100ක් සපිරිම නිමිත්තෙන් අද (27)පැවැති උත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.