දර්ෂක් නෞකාව දිවයිනට එයි
March 27, 2017 10:20 pm
ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබේ.
ඉන්දීය නාවික හමුදාවේ දර්ෂක් නෞකාව පුහුණු සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇති බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේය.
දිවයිනට පැමිණිමෙන් අනතුරුව දර්ෂක් නෞකාවේ අණදෙන නිලධාරි කපිතාන් පියුෂ් ෆවුසි මහතා බටහිර නාවික විධාන මුලස්ථානයේදී විධාන ආඥාපති රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවී සුහඳ සාකච්ඡාවක නිරතව තිබේ.
නෞකාව ලබන 30 වනදා මෙරටින් පිටත්ව යාමට නියමිත අතර ශ්‍රි ලංකාවේ රැදී සිටින කාලය තුළ නාවික හමුදාව මඟින් සංවිධානය කරන වැඩසටහන් රැසකට සහභාගීවිමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේය.