කොටුව-මරදාන දුම්රිය ධාවනය යථා තත්ත්වයට

කොටුව-මරදාන දුම්රිය ධාවනය යථා තත්ත්වයට

March 27, 2017   05:15 pm



‍කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබේ.

දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු  මේ වන විට අවසන් කර ඇති බැවින් පස්වරුවේ කාර්යාල දුම්රිය  ප්‍රමාදයකින් තොරව ධාවනය වන බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේය.

මරදාන දුම්රිය ධාවනාගාරය දක්වා ගමන් කරමින් තිබූ දුම්රියක් මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතරදී ඊයේ (26) පස්වරුවේ පීලි පැනීමකට ලක්ව තිබුණි.

දුම්රිය පීලිගත කර මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු අද(27) පස්වරුවේදී අවසන් කළ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.