හෙරොයින් කිලෝග්‍රෑම්  1.5 ක් සමඟ 1ක් අල්ලයි

හෙරොයින් කිලෝග්‍රෑම් 1.5 ක් සමඟ 1ක් අල්ලයි

March 27, 2017   05:04 pm



බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් කිලෝග්‍රෑම් 1.5 ක් සමඟ පුද්ගලයෙකු යාපනය - වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී නාවික හමුදාව අද (27)අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ ප්‍රකාශ කළේ නාවික හමුදා බුද්ධි අංශ සහ සුරාබදු ඒකකය එක්ව කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවය. 

ඔහු සතුව තිබී ග්‍රෑම් 500 බැඟින් වූ හෙරොයින් පැකට් තුනක් සොයාගෙන තිබේ