තවත් අමාත්‍යංශ ගණනාවක් බත්තරමුල්ලට යයි?

තවත් අමාත්‍යංශ ගණනාවක් බත්තරමුල්ලට යයි?

March 27, 2017   04:50 pm



රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය වැනි අමාත්‍යංශ ගණනාවක් බත්තරමුල්ල ප්‍රදේශයේ හා ඒ අවට ස්ථාපිත කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සෙත්සිරිපාය, සුහුරුපාය වැනි තවත් නාගරික ගොඩනැගිලි සංකිර්ණ 03ක් ඉදිරි වසර 03න ඇතුළත ඉදිකරන බවයි.

බත්තරමුල්ල ප්‍රධාන පරිපාලන නගරය ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ එම කටයුතු සිදු කෙරෙන බව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා කියා සිටියේය.

කඩුවෙල නගර සැලසුම් පිළිබඳව දැනුම්වත් කිරීමේ හමුවකට අතුරුගිරිය ප්‍රදේශයේදී එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.