යොවුන් පුරය ලබන 29දා අරඹයි

යොවුන් පුරය ලබන 29දා අරඹයි

March 27, 2017   03:42 pm


ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරනු ලබන  “යොවුන් පුරය“ ලබන 29 වනදා සිට ආරම්භ වීමට නියමිතව තිබේ.
 
එය දේශීය සහ විදේශීය තරුණ තරුණියන් 6000 කගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය මැක්හෙෂියර් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති  බව ජාතික තරුණ සේවා සභාව සඳහන් කළේය.
 
තරුණ තරුණියන්ගේ විනය, පෞරුෂය, නායකත්ව ගුණාංග, අධ්‍යාපනික ගුණාංග වර්ධනය කිරීම මෙම යොවුන් පුරය පැවැත්වීමේ අරමුණ වී තිබේ.
 
විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් එය ලබන 29 වනදා  ආරම්භ කෙරෙන බවයි ජාතික තරුණ සේවා සභාව සඳහන් කළේය.
 
සමාප්ති උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් මස 01 පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ජාතික තරුණ සේවා සභාව වැඩිදුරටත් සඳහන් කළේය.