ධීවර ප්‍රජාවට ටැබ් පරිගණක දෙන්න මිලියන 149ක් වෙන් කරයි

ධීවර ප්‍රජාවට ටැබ් පරිගණක දෙන්න මිලියන 149ක් වෙන් කරයි

March 27, 2017   02:45 pm


ධීවර ප්‍රජාවට ටැබ් පරිගණක ලබා දීමේ වැඩපිළිවෙල සඳහා  රුපියල් මිලියන 149ක මුදලක්  වෙන් කර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

විශේෂයෙන් මෙම ටැබ් පරිගණක ජලය අභ්යාන්තරයේදී පවා හානියක් නොවී සටහන් තබා ගත හැකි වන පරිදි සකස් කල ඒවා වන අතර මසුන් ඇල්ලීමේ දී දත්ත ඇතුලත් කර තබා ගැනීමට හැකිවන පරිදි සකස් කළ ඒවා වන බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

එමෙන්ම මෙම ටැබ් පරිගණක තුළ ධීවර යාත්‍රා නියාමන පහසුකම් ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවිර මහතා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දි තිබේ.

විශේෂයෙන් ජාත්‍යන්තර මුහුදේ දී සිදු කරන නීති විරෝධී කටයුතු වැලැක්වීම මෙම ටැබ් පරිගණක ලබා දීමේ අරමුණ වි තිබේ.

මේ වනවිට අදාළ උපකරණ ඇණවුම් කර ඇති අතර ඉදිරි මාස තුන තුළදී ධීවරයින් වෙත ඒවා ලබා දිමට නියමිත බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.