53 නේ හර්තාලය පරදන හර්තාලයකට ගම්මන්පිල සුදානම් වෙයි

53 නේ හර්තාලය පරදන හර්තාලයකට ගම්මන්පිල සුදානම් වෙයි

March 27, 2017   02:43 pm

රජය විසින් තව දුරටත් මැතිවරණ කල්දැමීමට කටයුතු කළහොත් 1953 සිදු වුණ හර්තාලයට වඩා දැවැන්ත ජනතා විරෝධයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

අද (27) පැවති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව පැවසීය. 

එම දැවැන්ත විරෝධය සඳහා රට මේ වන විට සකසමින් සිටින බවත් එහි ආරම්භය නුගේගොඩ රැස්වීමෙන් ආරම්භ කළ බවත් මන්ත්‍රීවරයා පැවසීය. 

එමෙන්ම එහි දෙවැනි පියවර පසුගිය සෙනසුරාදා දිනයේ දී හබරාදුවේ දී පැවැත් වූ බවත් පවතින දැඩි ඉල්ලීම මත ඊළඟ පියවර වශයෙන් විරෝධතා රැළිය නැගෙනහිර පළාතේ සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් මේ වන විට අම්පාර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල රැස්වීම පැවැත්වෙන ස්ථාන සම්බන්ධයෙන් ගැටුම්කාරී තත්ත්වයක් හට ගෙන ඇති බව ද ගම්මන්පිල මහතා වැඩි දුරටත් පැවසීය.