සාපෙ ප්‍රතිඵල හෙට එයි

සාපෙ ප්‍රතිඵල හෙට එයි

March 27, 2017   02:14 pm


2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගයේ ප්‍රතිඵල හෙට(28) දිනයේ නිකුත් කිරීමට පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා පවසයි.

විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා සකස් කරන ලද දින දර්ශනයට අනුව හෙට දිනයේ ප්‍රතිඵල නිකුත් කරන  බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගය දෙසැම්බර් 06 වන දා සිට 17 වන දා දක්වා දිවයිනේ විභාග මධ්‍යස්ථාන 5,669කදී පැවැත්වුණි.

විභාගය සඳහා සිසුන් ලක්ෂ 7කට ආසන්න සංඛ්‍යාවක් අයදුම්කර තිබූ අතර ඉතිහාසයේ වැඩිම සිසුන් පිරිසක් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට  පෙනී සිටි අවස්ථාව ලෙස මෙය සැලකෙයි.