ක්‍රීඩා අධ්‍යක්ෂ පත් කිරීම-ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක්

ක්‍රීඩා අධ්‍යක්ෂ පත් කිරීම-ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක්

March 27, 2017   01:44 pm



අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ තනතුර සඳහා යුද හමුදා කර්නල්වරයෙකු පත් කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නියෝගය  නිකුත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

පෙත්සම ඉදිරිපත් කරමින් අදාළ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ තනතුර සඳහා යුද හමුදා නිලධාරියෙකු පත් කිරීම අධ්‍යාපන සේවා ව්‍යවස්ථාවට පටහැනි බවයි.

ඒ හේතුවෙන් අදාළ පත් කිරීම වලක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඔවුන් ඉල්ලීමක් කර තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ  සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ උපාලි අබේරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරු මඩුල්ල පෙත්සම විභාග කිරීම සඳහා අවසර ලබාදුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

අනතුරුව අදාළ පත්කිරීම තහනම් කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම විභාගය ජුලි මස 24 වනදා පවත්වන බව නිවේදනය කර තිබේ.