නව මාවතකට යොමු වීමට නව දැක්මක් තිබිය යුතුයි

නව මාවතකට යොමු වීමට නව දැක්මක් තිබිය යුතුයි

March 27, 2017   01:16 pm


ශ්‍රී ලංකාව නව මාවතකට ගෙන යෑම සඳහා මෙන්ම අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා ලාංකීකයන් වශයෙන් නව දැක්මකින් යුතුව ඉදිරියට කටයුතු කළ යුතු බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. 

බ්‍රිතාන්‍යයේ “ද බෑන්කර් “ සඟරාව මඟින් ආසියා පැසිපික් කලාපයේ 2017 වසරේ  හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගිය දා සම්මානයට පාත්‍ර කළ අතර එම අවස්ථාවට සුබ පැතීම සඳහා අද (27) දින මුදල් අමාත්‍යාංශයේ දී පැවති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය. 

මෙහිදි වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙම ජයග්‍රහණය තමාගේ පමණක් නොව මුළු මහත් රටවාසීන්ගේම ජයග්‍රහණයක් වන බවත් ඒ සඳහා ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු බෙහෝ දෙනෙක් දායකත්වය දැක් වු බවත් ය.

තමාගේ ක්‍රියාපිළිවෙත රටේ සමහර අය ප්‍රතික්ෂේප කර සිටියත් ලෝකය රටේ ආර්ථික ක්‍රියාවලිය වෙනස් අයුරකින් බලන බවත් මෙය අවස්ථාවක් කර ගනිමින් රට වෙනස් කිරීමට කාලය එළඹ ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේ ය.

1948 වසරේ දී ජපානය අප හා සම මට්ටමේ සිටිය ද අද වන විට අප අභිබවා ඉදිරියට ගොස් ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.